What is SEO | SEO Beginner Guide Sinhala 2023
SEO යනු කුමක්ද?
SEO එහෙමත් නැතිනම් Search Engine Optimization කියන්නේ මොකද්ද කියල මම ඔයාලට මේ post එකෙන් සිංහලෙන්ම කියල දෙන්නම. හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදිහට සිංහලෙන්ම කිව්වොත් “සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය” ලෙස හදුන්වන්න පුලුවන්. ඒ කියන්නේ මෙහෙමයි, කවුරු හරි කෙනෙක් Google හෝ Bing වැනි Search Engine එකක් භාවිතා කරලා මොකක් හරි Search කරොත් (උදා: How to make cake at home) අපේ website එක Search result එකේ ඉහලටම ගැනීමට අප සිදුකලයුතු දේවල් තමයි SEO කියල කියන්නේ.
SEO ප්‍රදාන කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්,
1. On-Page SEO
2. Off-Page SEO
3. Technical SEO
මේ කොටස් තුන ගැන මම වෙන වෙනම විස්තර කරන්නම්. මේ Article එක හොදට දෙතුන් පාරක් කියවල, මේ කරුණු හොදට අවබෝද කර ගන්න.
SEO වල වැදගත්කම
අපි ප්‍රධාන වශයෙන්ම Site එකක් SEO කරන්නේ, search engine මගින් එන visitors ලා වැඩි ප්‍රමාණයක් අපේ website එකට ගෙන්වා ගැනීමටයි. මෙලෙස එන visitors ලා organic traffic එක ලෙස හදුන්වයි.
SEO වලදී භාවිතා වන වචන (SEO Glossary Sinhala)
පහත දක්වල තියෙන වචන පිලිබදව, ඔයාට හොද අවබෝදයක් තියෙන්න ඕනේ. එම නිසා එම වචන සහ ඒවායේ තේරුම හොදින් මතක තබා ගන්න. තේරෙන් නැති තැනක් තියෙනවනම්, අපේ SEO Sinhala Facebook page එක හරහා අපිව සම්බන්ද කර ගන්න.
Search Engine (SE): SE එකක් කියල කියන්නේ Google, Yahoo, Bing වැනි Search Engine වලට.
SERP (Search Engine Results Page): අපි මොකක් හරි දෙයක් google search කරහම, සර්ච් කරන දේට අදාළ result එක පෙන්නන වෙබ් පිටු.
Algorithm: webpage එකක් rank කල යුතු ආකාරය තීරණය කිරීමට Search Engine විසින් භාවිතා කරන program එකට Algorithm එක කියල කියනවා.
Web crawlers: spider, crawler, or search engine bot යන නම් වලින් හදුන්වන මෙයාල ඇත්තටම SE වල තියෙන program එකක්. මෙයාලගේ රාජකාරිය තමයි web content එකතු කරගෙන එන එක.
Indexing: crawlers ලා එකතු කරගෙන එන content පිළිවෙලකට පෙළගැස්වීම තමයි index කරනවා කියල කියන්නේ.
Ranking: මෙයින් අදහස් වෙන්නේ, index කරගත්ත content Google වැනි search engine වල rank වෙලා තිබෙන ස්ථානය.
Traffic: මෙහිදී traffic එක ලෙස හදුන්වන්නේ අපේ site එකට පැමිණෙන visitors ල. ඒ කිව්වේ site එකට එන මිනිස්සු.
Impressions: SERP එකේ අපේ සයිට් එක පෙන්නන වාර ගාන.
Keyword: මෙහෙම හිතන්නකෝ, ඔයාට මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඕනෙනම් ඔය එක search කරන්නේ කොහොමද?
උදා: SEO Sinhala, youtube sinhala, adsens tutorial, fiverr lesson
ඔහොම නේද ඔයත් search කරන්නේ. මෙන්න මේවට තම keywords එහෙමත් නැතිනම් search terms කියල කියන්නේ.
Meta Title and Description: search result එකේදී අපට පෙන්වන Title එක සහ Description එක.
CTR (Click-through Rate): SERP එකේ තියෙන sites එකක් click වන වාර ගණන ප්‍රතිශතයක් විදියට. උදා: SERP එක තුල ඔයාගේ website එක 1000 ක් දැකල එයාලගෙන් 200 දෙනෙක් site එකට click කරලා ආවොත්, CTR එක වෙන්නේ 20% යි.
Bounce Rate: ඔබේ site එකට එන අය site එකේ රැදී නොසිට ඉතා ඉක්මනින් website එකෙන් ඉවත් වී යනවට තමයි bounce වෙනවා කියල කියන්නේ. එලෙස යන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොච්චරක්ද කියන එකට තමයි Bounce Rate එක කියල කියන්නේ.
ඔබේ site එකට 100 දෙනෙක් ඇවිල්ල 50 දෙනෙක්ම ඉක්මනින් හැරී යනවනම් Bounce Rate එක 50% යි. මෙම Rate එක අඩු වෙන තරමට site එකට හොදයි.
Search Intent: එක කියල කියන්නේ Search Engine එකේ යමක් search කරන කෙනාගේ අරමුන. ඒ කියන්නේ මොකක් හරි මිලදී ගන්නද, නැත්නම් ප්‍රශ්නයකට පිළිතුරක් සොයා ගැනීමටද, නැතිනම් තොරතුරක් සොයාගැනීමටද යන වග.
Backlink: එක website එකක සිට තවත් website එකකට යාමට ඇති links (Hyperlink) එකකට තමයි අපි backlink එකක් කියල කියන්නේ. internal links සහ external links ලෙස backlink වර්ග දෙකක් ඇත. internal links කියන්නේ එකම website එක තුල එක webpage එකක සිට තවත් webpage එකකට යාමට ඇති links වලටය. external links කියල කියන්නේ එක website එකක සිට වෙනත් website එකකට යාමට ඇති links වලටය.
White Hat SEO: නිවැරදි ක්‍රමවේදයන් බාවිත කර SEO කිරීම White Hat SEO නමින් හදුන්වනු ලැබේ. ඔබ අනුගමනය කල යුත්තේද මෙම ක්‍රමවේදයයි.
Black Hat SEO: නිවැරදි නොවන ක්‍රමවේදයන් බාවිත කර Search Engine තුල rank වීමට යොදාගන්නා ක්‍රමෝපාය Black Hat SEO නමින් හදුන්වනු ලැබේ. මෙමගින් ඉක්මන් ප්‍රථිපල ලබාගත හැකි උනත් එය තාවකාලික ප්‍රථිපල යකි.
Penalty: මාර්ග නීති උල්ලංගණය කරගෙන ගියොත් දඩ කන්ඩ වෙනව වගේ වැඩක් තමා මේකත්. ඔයා Black Hat SEO කරොත්, search engine විසින් ඒක හොයාගත්ත ගමන් ඔයාගේ site එකට penalty යක් වදිනවා. එය website එකකට ඉතාම අහිතකර තත්වයක්.
Google වැනි search engines ක්‍රියා කරන්නේ කොහොමද?
search engines මගින් කරන්නේ web page ගණනාවක් අතරින් ඔයා search කරන දෙයට අදාල web page එක හොයල දෙන එක. පුද්ගලයෙක් යම් කිසි දෙයක් search කරහම ඒ search කරන දෙයට ගැලපෙන හොඳම ප්‍රතිඵලය මුල ඉදන් අගට යනකන් පිලිවෙලට පෙලගැස්වීම තමයි search engines මගින් සරලවම සිදු කරනු ලබන්නේ.නමුත් මේකට search engines යොදාගන්න algorithm එක කාටවත් හිතා ගන්න අපහසු algorithm එකක්.ගූගල් වගේ search engine එකක් මේ විදිහට හොදම ප්‍රතිඵල ස්ථානගත කරන්න යොදා ගනු ලබන ranking factors 200 ටත් වඩා අධික ප්‍රමාණයක් තියෙනවා. මේ ranking factors වලින් ඉතාම සුළු ranking factors ප්‍රමාණයක් විතරයි ප්‍රරධාන පෙළේ ranking factors වෙන්නේ (අනෙක් ඒවාද නොසලකා හැරිය නොහැකිය). ඒ ranking factors මගින් තමයි search කරන දෙයට අදාළ හොඳම ප්‍රතිඵල පෙළ ගැස්වීම සිදුකරනු ලබන්නේ. ඒ හැම ක්‍රියාවක්ම ගූගල් algorithm එක මගින් auto සිදු වෙනවා. ඉතින් කෙසේ හෝ මේ ranking factors වලට අනුකූල වෙන විදිහට වෙබ්සයිට් එකක් optimize කරන එක තමයි අපි කරන්න ඕනි.
On-page SEO යනු කුමක්ද?
මේ on page SEO තුල තමයි SEO වල සාර්ථකත්වයේ මූලික පදනම රැදී තිබෙන්නේ. ඔයා ඔයාගෙ website එක ඇතුලෙ සිදු කරනු ලබන optimize ක්‍රියාවලිය තමයි on page SEO කියල සරලවම හදුන්වන්නේ. on page SEO ලෙස site එක තුල කරන keyword optimization, meta data, content, URL, image optimization සහ internal links යන දේවල් හදුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි on page SEO ප්‍රධාන ranking factor එකක් විදිහටත් හදුන්වන්න පුළුවන්.ඒකට හේතුව මේකෙ අඩංගු කරුණු තමයි වෙබ් සයිට් එකක් rank වෙනවද නැද්ද කියන තීරණයට ප්‍රධාන වශයෙන් බලපෑම් සිදු කරනු ලබන්නේ.
Off-page SEO යනු කුමක්ද?
on page SEO කල පමනින් විතරක් ඔයා සාර්ථක වෙන්නේ නෑ. ඒ නිසා on page SEO වල සාර්ථකත්වයේ ගමන ස්ථිර කරන ප්‍රධානම සාධකය විදිහට off page SEO හදුන්වන්න පුළුවන්. ඔයාගෙ website එක google ranking වල ඉහළ ස්ථානයක ස්ථීරව පවතින්න නම් on page SEO සහ off page SEO යන දෙකේම එකතුව ඉතාම වැදගත් වෙනවා. මේ off page SEO එක යටතේ backlinks, blog posting, guest post, article submission, PBN, blog comments, social bookmarks and signals සහ PR submission වගේ දේවල් හදුන්වන්න පුළුවන්.සරලවම කිව්වොත් මේකෙන් optimize වීම සිදු කරන්නේ website එකට බාහිරින්.කෙසේ වෙතත් off page SEO කියන්නේ තවත් ප්‍රධානම ranking factor එකක් ලෙස හදුන්වන්න පුළුවන්.
Technical SEO යනු කුමක්ද?
on page SEO වලම තවත් එක් කොටසක් ලෙස technical SEO හදුන්වන්න පුළුවන්. website එකක technical කොටස තමයි බොහෝ විට මේ යටතේ වර්ග කරන්නේ. මේ කොටස යටතේ page loading speed, SSL certificate(HTTPS),UX optimization, mobile friendliness වගේ දේවල් හදුන්වන්න පුළුවන්. මේ සදහන් කරපු කොටස් වල යම් දුර්වලතාවයක් තියෙනවා නම් එය ඔයාගෙ website එක rank වෙන එක අඩපණ කරනවා.
White hat SEO යනු කුමක්ද?
ඉහත කී පරිදි white hat SEO යනු search engine වල rank කිරීමට ethical SEO tactics යොදා ගෙන SEO කිරීමයි. ඔයා ඔයාගෙ හෝ වෙනත් කෙනෙක්ගේ website එකක් SEO කරන විට යොදා ගත යුතු වන්නේ මේ white hat ක්‍රමයයි.
black hat SEO යනු කුමක්ද?
Black hat SEO භාවිතා කරලා ඔයාගේ වෙබ් සයිට් එක SEO කිරිම මගින් ඔයාට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වුණත් මේ black hat SEO ක්‍රමය ගූගල් සමාගමේ නීති රීති වලට පටහැනි ක්‍රමයක් විදිහට තමයි හඳුන්වනු ලබන්නේ. යම් හෙයකින් ඔයා මේ black hat SEO භාවිතා කරලා ඔයා ඔයාගේ වෙබ්සයිට් එක SEO කරලා තියෙනවා කියලා ගූගල් algorithm එකට හසු වුණොත් ඒ වෙබ්සයිට් එකට penalty එකක් වැදීමේ ලොකු සම්භාවිතාවක් තියෙනව. penalty කියලා කියන්නේ ගූගල් සමාගමේ නීති රීති වලට පටහැනිව දෙයක් කලොත් ඒක වෙනුවෙන් ඔයාට ලබා දෙන දඬුවමක් වගේ දෙයකට කියල මං කලිනුත් කිව්වා මතකයි නේද? black hat SEO යොදාගෙන SEO කරලා penalty ලබා ගන්න එක ඒ තරම් ඔයාගේ වෙබ් සයිට් එකට සුබදායක දෙයක් නම් නෙවෙයි. ඒක ඔයා ඔයාගෙම වෙබ් සයිට් එකට අහිතකර තත්ත්වයකට පාර කපා ගැනීමක් විදිහට තමයි මට නම් පෙනෙන්නේ.
local SEO යනු කුමක්ද?
මෙහි අප සිදු කරන ප්‍රධාන කාර්යය වන්නේ google my business වෙත ඔයාගේ බිස්නස් එකට අදාල තොරතුරු එක් කිරීමයි. මේ local SEO එක වඩාත්ම වැදගත් වෙන්නේ බිස්නස් කරන අයට තමයි. කවුරු හෝ කෙනෙකු near me වගේ දෙයක් එක්ක ඔයාගේ බිස්නස් එක කරන ප්‍රදේශයට යාබදව හෝ ප්‍රදේශය තුළ සිට ඔයාගේ බිස්නස් එකට අදාළ වන දෙයක් search කරන විට ඔයාගේ බිස්නස් එකේ පැහැදිලි විස්තරයක් එක්ක ඔයාගේ වෙබ් සයිට් එක පෙන්වන්න තියෙන අවස්ථාව ඉතාමත් වැඩියි.
උදාහරණ ලෙස:
- Doctor near me
- Buy Computer in Colombo
- Pizza hut near me
keyword research එකක් කියන්නේ මොකටද?
සරලවම ඔයාට ඕනි වෙන්නේ අන්තර් ජාලයේ සැරිසරන යම් පරිශීලකයකු ඔයාගෙ website එකට අදාළ දෙයක් google එකේ search කලාම ඔයාගෙ website එක ඒ search කරන එකට එන result එකේ උඩින්ම පෙන්වන්න. මෙහි දී ඒ අය search කරන keyword එක තම තමන්ට හිතෙන විදිහට අනුමාන කරලා වැඩක් නෑ.එහෙම කලොත් ඒකෙන් ඔයාට කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙනවා.ඔයාගෙ website එකට අදාළ වෙන target audience එක search කරන්නේ මොන වගේ keywords ද කියන එක නිවැරදි ක්‍රම වේදයක් බාවිතා කරලා ඔයාට සොයා බලන්න සිදු වෙනවා. මේ වගේ අදාළ keyword සොයා බලන එක keyword research එකක් විදිහට හදුන්වනු ලබනවා. නමුත් මේ keyword research වලට නිශ්චිත එක් ක්‍රම වේදයක් නෑ.බොහෝ දෙනා ඔවුන්ට ආවේණික වුන ක්‍රම ඔස්සේ මෙම keyword research කරනවා දැකගන්න පුළුවන් වෙනවා. keyword research අතරින් ගොඩක් ජනප්‍රිය keyword research strategies තිබුනත් ඒ තරම් ජනප්‍රිය නොවුන හොඳ keyword research strategies දැක ගන්න පුළුවන්. මේ අතරින් සාර්ථක keyword research එකක් කරන්න අපිට විවිධාකාර keyword research tools රැසක් යොදා ගන්න පුලුවන් කම තියෙනවා. ඒ අතරින් නොමිලේම බාවිතා කරන්න පුළුවන් හොඳ keyword research tools වගේම යම් කිසි ගෙවීමක් කරලා paid tools එකක් බාවිතා කරන්න හැකියාව තියෙනවා. නමුත් මේ අපිට නොමිලේ ලබා දෙන keyword research tools වලින් අපිට සීමා සහිත පහසුකම් ටිකක් තමයි ලබා දෙන්නේ.ඔයාට බාවිතයට ගන්න keyword research tool එකේ ටිකක් advance features බාවිතා කරන්න අවශ්‍ය නම් ඔයාට සුලු මුදලක් ගෙවා හොඳ paid tool එකක් ලබා ගන්න හැකියාව තියෙනවා.
keyword research tools කිහිපයක්
google keyword planner – මෙය සම්පූර්නයෙන් නොමිලේ බාවිතා කල හැකි හොද tool එකකි.
Ahrefs – මෙය ඉතාම හොද keyword research tool එකක් වන අතර, මමද මෙය ප්‍රෟද්ගලිකව බාවිතා කරනු ලබයි. නමුත් මේ සදහා යම් මුදලක් ගෙවීමට සිදුවෙනවා.
Moz හා Semrush – මේවාද paid tools වේ
Quality content එකක් ලියද්දි ඔයා දැන සිටිය යුතු කරුණු
Search engine එකක ප්‍රධාන කාර්ය්‍යය වන්නේ පරිශීලකයන් search කරන දෙයට අදාලව වඩාත්ම ගැලපෙන, හොඳම, ප්‍රයෝජනවත්ම සහ විස්වාසනීයම ප්‍රතිඵල ලබා දීමයි. ඒ නිසා ඔයා ඒ කාරනාව ගැන වැඩි අවධානයකින් සිටිය යුතු වෙනවා.
මොකක්ද මේ E A T කියලා කියන්නේ. google එක මගින් ඔයාගෙ content වල ගුණාත්මක බව සාධක කිහිපයක් මත පදනම්ව සිදු කරනු ලබනවා. ඒ සාධක වන්නේ Expertise, authoritativeness සහ trustworthiness වේ.
ඔයාට තේරෙන විදිහට සරලවම කිව්වොත් google එක රදා පවතින්නේ content එක මත. එම නිසා Google පරිශීලකයන්ට පෙන්වන ප්‍රතිපලයේ ගුණාත්මක බව හා විස්වාසනීය බව ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ නිසා තමයි content එක king විදිහට හදුන්වනු ලබන්නේ. ඔයාගෙ website එකේ ranking improve වෙන්න ඕනි නම් පරිශීලකයකයන් වෙත, ගුණාත්මක හා විස්වාසනීය quality content එකක් ලියන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි. මෙතැනදී ඔයා දැනගන්න ඕනි ඔයාගෙ තියෙන දැනුම හරි විදිහට ඔයාගෙ වෙබ්සයිට් එකට එන visitors ලාට ලබා දෙන්න. ඔයා ඔයාට හිතෙන හිතෙන විදිහට ඔයාගෙ වෙබ්සයිට් එකේ content දැම්මට ඒකෙන් කිසිම වැඩක් වෙන්නෙ නෑ.
Expertise content එකක් ලියන්න ඔයා දැන සිටිය යුතු කරුණු
මෙහිදී ඔයා target කරන ඕඩියන්ස් එක මොනාද සර්ච් කරන්නේ කියන එක ගැන ඔයාට මනා අවබෝධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. ඒ විතරක්ම නෙවෙයි search intent එක ගැනත් මනා අවබෝධයක් ලබා ගැනීමෙන් අනතුරුව තමයි content එක ලිවීම සිදු කළ යුතු වන්නේ .මේ search intent එක ප්‍රධාන වශයෙන් ආකාර හතරකින් හඳුනාගැනීමට හැකියාව තියෙනවා. ඒවා නම්,
01.information intent
කෙනෙක් යම් කිසි ආකාරයක තොරතුරක් දැන ගැනීමට යම් දෙයක් search කිරීම information intent ලෙස සරලව හඳුන්වන්න පුළුවන්.
02.preferential / commercial investigation
යමෙකු service එකක් හරි යම් කිසි product එකක් හරි ඉදිරි දිනයක මිලදී ගැනීමේ අරමුනෙන් සොයා බලනවා නම් ඒ search කරන keyword සියල්ලම වගේ මේ ගනයට අයත් වෙනවා.ඒ වගේම products reviews, ratings වගේ දේවලුත් මෙම ගනයට අයත් වෙනවා.
03.navigational intent
තමන් යන්න ඕනි website එක මොකක්ද කියලා කලින් තීරණය කරලම google එක බාවිතා කරමින් search කර පැමිනෙන අය මේ ගණයට අයත් වෙනවා.
04.transactional intent
යම් කිසි කෙනෙක් යම් කිසි product එකකට හෝ යම් කිසි service එකකට මිලදී ගනීමක් සිදු කිරීමේ අරමුණෙන් යම් කිසි දෙයක් search කිරීම මේ ගණයට අයත් වෙනවා. product එකක් මිලදී ගැනීම, service එකක් හෝ subscription එකක් මිලට ගැනීමත් මේ ගණයට අයත් වෙනවා.
SSL certificate එක ලබා ගත යුතු වන්නේ ඇයි
ඔයාට දැනට වෙබ් සයිට් එකක් තියනව නම්, නැතිනම් ඔයා අලුතෙන් වෙබ් සයිට් එකක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔයාගේ ඒ වෙබ්සයිට් එකට අදාල ඩොමේන් එකට SSL certificate එකක් ලබා ගන්න වග බලා ගන්න.වෙබ් සයිට් එකට එන පරිශීලකයන්ගේ සෑම තොරතුරක්ම ආරක්ෂිතයි කියන එකට තමයි secure site එකක් කියන්නෙ. ගූගල් එකට එන පරිශීලකයන් ගේ ආරක්ෂාවට වැඩි අවධානයක් ලබා දෙන කරුණක් ලෙස මේ SSL certificate එක හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ බොහෝ hosting providers ලා නොමිලේම මේ SSL certificate එක ලබා දෙනවා. ඒ නිසා ඔයාට ඔයාගේ hosting provider හරහාම වුණත් මේ SSL certificate එක ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වුණත් මේ SSL certificate එක ගූගල් එකේ ප්‍රධානතම ranking factor එකක් නම් නෙවෙයි.ඒ වුණත් ඔයා google එකේ ඔයාගේ වෙබ් සයිට් එකක් rank කරනවා නම් ඔයාට ඒකට නැතුවම බැරි දෙයක් ලෙස SSL certificate එක හඳුන්වන්න පුළුවන්.ඒ වගේම වර්තමානයේ බොහෝ දෙනා ඔන්ලයින් සේවාවන් වලදී SSL certificate එක තිබීම ඒ වෙබ් සයිට් එකේ විශ්වාසනීයභාවයේ මුද්‍රාවක් ලෙසට සලකනු ලබනවා.
backlinks කියන්නේ මොනාද?
ගූගල් එක විසින් යම්කිසි වෙබ්සයිට් එකක් rank කරන්න යොදා ගන්නා algorithm එක page rank විදිහට හඳුන්වන්න පුළුවන්.මේ විදියට වෙබ් සයිට් එකක් rank කරන්න යොදාගන්න page rank එක ඉහලට එන්න බලපාන ප්‍රධානම සාධකයක් ලෙසට backlinks හදුන්වන්න පුලුවන්. ඔයාගේ වෙබ් සයිට් එකට වෙනත් වෙබ් සයිට් වලින් එන links වලට තමයි සරලව backlink කියන නමින් හඳුන්වනු ලබන්නේ.ඉතින් මේ විදිහට ඔයාගේ website එකට ලැබෙන ලින්ක්ස් ඔයාගේ වෙබ් සයිට් එකට ලැබෙන vote එකක් විදිහට තමයි ගූගල් එකෙන් සලකන්නෙ. ඒකෙන් සිදුවන්නේ තව වෙබ් සයිට් එකකින් ඔයාගේ වෙබ් සයිට් එක recommend කරනව වගේ දෙයක්.ඉතින් මේ recommend කරන වෙබ්සයිට් එක හොඳ ඉහළ මට්ටමේ තියෙන expertise, authority ,trustworthiness වලින් සමන්විත වෙබ් සයිට් වලින් ඔයාගෙ වෙබ් සයිට් එකට ලැබෙනවා නම් ඔයාගේ වෙබ් සයිට් එකේ ranking improve කරන්න ලොකු බලපෑමක් සිදු කරන්න එයට හැකියාව තියෙනවා.ඒ විතරක් නෙවෙයි ඒ විදිහට ඔයාගේ website එකට එන backlinks වැඩි වෙන එකෙන් ඒකට සාපේක්ෂව ඔයාගේ වෙබ් සයිට් එකේ ranking improve වෙන්න වගේම ඔයාගේ වෙබ් සයිට් එකට ලැබෙන web traffic එකක් ඉහලට යාමට තියෙන අවස්ථාව වැඩි වෙනවා. backlinks වර්ග දෙකක් තියෙනවා (No-follow & Do-follow). link building යනුවෙන් බොහෝ දෙනා සිදුකරනු ලබන්නේ මේ backlinks සෑදීම තමයි.ඒ වගේම බොහෝ විට බොහෝ අය විවිධාකාර strategies යොදාගෙන මේ backlinks සෑදීම සිදු කරනවා දැක ගන්න පුළුවන්.කෙසේ වෙතත් මේ වගේ backlinks වල quality එක සහ ඔයාගේ වෙබ් සයිට් එකට සිදුකරන්න පුළුවන් බලපෑම ඒ backlink එකේ හැටියට වෙනස් වෙනවා.
Crawlability වල තිබෙන වැදගත්කම
ගූගල් එකට ඔයාගේ වෙබ් සයිට් එකේ වෙබ් පිටු එකතු වීම index වීම විදිහට හදුන්වනු ලබනවා කියලා අපි ඉහතදී කතා කරා. ඔයා ඔයාගේ වෙබ් සයිට් එක හැදුව පමණින් මේ index වීම සිදුවෙන්නේ නෑ. ඒ විදියට index වෙන්න නම් ඔයාගේ වෙබ් සයිට් එක ගැන මුලින්ම google එක දැන ගන්න ඕනි. ඔයාට මේ කාර්ය්‍යය google search console එක හරහා කිරීමට හැකියාව තියෙනවා.
Google crawler
ගූගල් එක මගින් අලුතෙන් නිර්මාණය කරන ලද වෙබ් සයිට් ගැන සොයා බලන්න ක්‍රම රැසක්ම යොදා ගනු ලැබුවත් ගූගල් එක ඒ සඳහා යොදා ගන්නා ප්‍රධානතම ක්‍රමය ලෙස crawler හඳුන්වන්න පුළුවන් කියල අපි ඉහතදී කතා කරා. මේ clawer මගින් සරලවම සිදු කරනු ලබන්නේ website තුළ පවතින links පසුපස ගමන් කිරීම.ගූගල් එක මේ සඳහා google spider නමින් හදුන්වනු ලබන computer program එක යොදාගෙන තමයි මේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ. ඔයා ඔයාගේ වෙබ් සයිට් එක google search console එකට add කරාට පසුව තමයි මේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ. ඒ විතරක්ම නෙවෙයි මේ වෙද්දිත් index වුන වෙබ් සයිට් එකකින් ඔයාගේ අලුතෙන් හදපු වෙබ් සයිට් එකට backlink එකක් ලැබිලා තියෙනවා නම් ඒ ලින්ක් එක හරහා ගිහින් ඔයා link කරලා තියෙන වෙබ් පිටුවට ගිහින් ඔයාගේ අනෙක් වෙබ් පිටු සොයාගෙන යමින් මේ crawler එයාට අදාළ ක්‍රියාව සිදුකරනු ලබනවා. ඔයා කොච්චර වෙහෙස මහන්සි වෙලා කොයිතරම් හොඳට ඔයාගේ වෙබ් සයිට් එක search engine optimize කිරීම කළත් එයින් කිසිම වැඩක් වෙන්නෙ නෑ ඔයාගේ වෙබ් සයිට් එකේ වෙබ් පිටු ගූගල් එකට පේන්නෙ නැත්තන්.ඒ නිසාම ඔයාගේ වෙබ් සයිට් එක rank වෙන්න කිසිම හැකියාවක් නෑ. ඉතින් ඒ නිසා තමයි crawlability කියන ක්‍රියාවලිය ඉතාම වැදගත් වටිනා ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලබන්නේ. නමුත් කෙසේ වෙතත් මේ google crawler ට ඔයාගේ වෙබ් සයිට් එක හඳුනා ගන්න නොහැකි වන අවස්ථා රැසක් තියෙනවා.
- ඔයාට අවශ්‍යම web page වලට no- index දාලා තියෙනවා නම් ඒ pages crawl කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මෙය WordPress වල නම් plugin හරහා මෙය සකස් කරගෙන මෙම අපහසුතාවය වළක්වා ගැනීමට හැකියාව තියෙනවා.
- තවත් ඔයා සැලකිලිමත් විය යුතුම කරුණක් වන්නේ no-followed internal links ගැන no-followed internal links ඔයාගේ වෙබ් පේජ් එකේ තිබුනොත් ඒවා හරහා ගිහින් crawl කිරීම සිදු කිරීමට හැකියාවක් නෑ.
- robots.txt නමින් හැඳින්වෙන text file එක හරහාත් මේ Crawl process එක block කිරීමට හැකියාව තියෙනවා. (Index කිරීමට අවශ්‍යය pages නැති මේ හරහා block කරන්න)
ඔයාගේ වෙබ් සයිට් එකේ ඉතා දුර්වල internal link silo එකක් තිබුනොත් ඒ මගින් crawl කිරිමේ ක්‍රියාවලිය බොහෝ සෙයින් අඩු වෙනවා.ඔයාගේ වෙබ් සයිට් එකේ crawlability එක පහසු කරන ප්‍රධානම සාධකයක් විදිහට ඔයාගේ වෙබ් සයිට් එකේ තියෙන internal link silo එක හඳුන්වන්න පුළුවන්.
වෙබ්සයිට් කරන ගොඩක් අය මේ ගැන තියෙන නොදැනුවත්කමනිසාම internal links ගැන එච්චර තැකීමක් කරන්නේ නෑ.ඔයත් internal link silo ගැන නොදන්නා කෙනෙක් නම් අදම ඒ ගැන දැනුවත් වෙන්න.
Mobile responsive
වර්තමානයේ වෙබ් සයිට් වලට විවිධාකාර device බාවිතා කරමින් පිවිසීම ගොඩක් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. කෙසේ වෙතත් දැන් උදා වෙලා තියෙන්නේ මේ device අතරින් mobile device වලට වැඩි ප්‍රමුඛත්වයක් හිමිවෙලා තියෙන කාලයක්. දැනට ගොඩක් keyword වලට වැඩි searches ප්‍රමාණයක් පැමිණිලා තියෙන්නෙ අනිත් device වලට වඩා mobile device මගින්. ඔයාගේ වෙබ් සයිට් එකේ mobile web traffic එක අඩු වෙන්න ප්‍රධානම සාධකයක් විදිහට ඔයාගේ වෙබ් සයිට් එකේ mobile responsive එක අවම මට්ටමක පවතින එක හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් ඔයාගෙ වෙබ් සයිට් එකේ mobile responsive එක ඔයාට google එකෙන්ම පරීක්ෂාකර බලා ගන්නට හැකියාව ලබා දීලා තියෙනවා.
මොකක්ද මේ UX optimization කියන්නේ
user experience optimization විදියට සරලවම හඳුන්වනු ලබන්නේ ඔයා ඔයාගේ වෙබ්සයිට් එකෙන් වෙබ් සයිට් එකට එන පරිශීලකයන්ට ලබා දෙන අත්දැකීම් ගැනයි. අතීතයේ වෙබ් සයිට් එකේ keyword ටික කීප සැරයක් යොදන එකට තමයි වෙබ් සයිට් එකක් SEO කරනවා කියලා කියන්නේ.ඒ උනාට වර්තමානයේ ඒ විදිහට ඉතා පහසුවෙන් සරලව වෙබ් සයිට් එකක් seo කිරීම කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. වර්තමානයේ බොහෝ සෙයින් සිදුවෙන google update නිසා ඔයාට සාර්ථක විදියට SEO කරල ඔයාගේ වෙබ් සයිට් එක හදාගන්න ඕනේ නම් ඔයාට ඔයාගේ website එකට එන visitors ලා ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වන්නට සිදු වෙනවා.
Time on site
time on site යනුවෙන් හඳුන්වනු ලබන්නේ වැඩි කාල වේලාවක් විසිටර් කෙනෙක් වෙබ්සයිට් එක මත රැඳී සිටීම. හොඳ තත්වයකින් යුතු user intent එකකට ගැලපෙන විදියට content තියෙන web page එකක් තුළ අනිවාර්යෙන්ම ඒ webpage එකට එන විසිටර්ස්ලා වැඩි කාල වේලාවක් රැඳී සිටිනවා.මේ සඳහා images, videos යොදාගැනීම වගේම කෙටි paragraph යොදාගෙන contents ලිවීම තුලින් ඔයාගේ වෙබ් පේජ් එකට එන විසිටර්ස්ලා වැඩි කාල වේලාවක් රඳවා ගැනීමට හැකියාව තියෙනවා. කෙසේ වෙතත් වෙබ් සයිට් එකේ content එක මත visitor කෙනෙක් engage වෙන එක මත රැඳෙන කාල වේලාව වෙනස් වෙන්නට ඉඩ තියෙනවා.
Bounce rate
වෙබ්සයිට් එකක අනිවාර්යෙන්ම අඩු කර ගත යුතු දෙයක් විදිහට bounce rate එක හඳුන්වන්න පුළුවන්.ඔයාගේ වෙබ් සයිට් එකේ bounce rate එක අඩු කර ගැනීමට අවශ්‍ය නම් වැඩි ලිපි ප්‍රමාණයක් ලියා තැබීම,ඒ ලිපි හොඳ internal links structure එකකට සකසා තැබීම ඉතා වැදගත් වෙනවා.එතකොට තමයි ඔයාගේ වෙබ් සයිට් එකට එන visitors ල ආව ගමන්ම නැවත හැරිලා යන එක නතර වෙන්නේ.
Pages per session
ඔයාගේ වෙබ් සයිට් එකේ web පේජ් එකට එන visitor කෙනෙකුට ඒ් web page එකට විතරක් සීමා නොවී තවත් web page ප්‍රමාණයක් පරිශීලනය කිරීමට සැලැස්වීම තමයි මේ pages per session නමින් හඳුන්වනු ලබන්නේ. මෙය සිදු කිරීම සඳහා ඔයා ඒ තෝරා ගත් මාතෘකාවක් යටතේ ලිපි වැඩි ප්‍රමාණයක් ලියා තබාගෙන ඒ ලිපි හොඳ ඉහළ මට්ටමේ internal link එකකට අනුව සකස් කර තිබීම ඉතාමත් වැදගත් වෙනවා.
page loading speed
නිකමට හිතන්න ඔයා යම්කිසි වෙබ් පේජ් එකකට පිවිසෙනවා කියලා.ඔයා ඒ වෙබ් පේජ් එකට යන්න උත්සාහ කරද්දී ඔයාගේ web browser එකේ loading icon එක දිගින් දිගටම කැරකෙමින් විතරක් තියෙනවා නම් ඒ වෙබ් පේජ් එක ලෝඩ් වෙන්න ලොකු කාලයක් ගත වෙනවා නම් ඔයා ඔයා ඒ වෙබ් පේජ් එකෙන් back වෙනවා. ආයේ ඒ වෙබ්සයිට් එක දැක්කත් ඔයා ඒ වෙබ් සයිට් එකට යන්න කැමති වෙන්නේ නැහැ නේද? ඒක තමයි සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ම වගේ කරන්නේ. මොකද මිනිස්සු කැමති නෑ ඒ වගේ දේකට නිකරුනේ කාලය නාස්ති කරගෙන කීයට හරි ලෝඩ් වෙනකන් ඒ දිහා බලාගෙන ඉන්න. ඉතින් ඔයාගේ වෙබ් සයිට් එකත ලෝඩ් වෙන්න ලොකු කාලයක් ගත වුණොත් ඔයාගේ වෙබ් සයිට් එකට සිදු වන්නේත් මේ දේම තමයි. මේ හේතුව නිසා වර්තමානයේ විතරක් නෙවෙයි හැමදාමත් හැම කාලෙකට ම page loading speed කියන්නේ web site එකක ඉතාම වැදගත් අංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සෑම අවස්ථාවකම ගූගල් එක ගොඩක් කැමතියි ඔයාගේ වෙබ් පේජ් ඉක්මනට load වෙනවට. page loading speed එකේ යම්කිසි මට්ටමක දුර්වලතාවයක් තිබුනොත් ඔයාගේ web page එක දැනට 1st පේජ් එකේ හොඳට rank වෙලා හිටියත් ඔයාගේ වෙබ් පේජ් එකට ඒ ස්ථානයේ වැඩි කාලයක් රැඳී සිටින්න බැරි වෙනවා. එසේ වීමට ප්‍රධානම හේතුව වන්නේ ඔයාගේ website එකට එන විසිටර්ස්ලා එන ඉක්මනට මේ loading speed එක අඩු නිසා ආපස්සට යන්න පටන් ගන්නවා.කෙසේ වෙතත් user experience එක ඉහළම මට්ටමක තියාගන්න පුළුවන් වෙන්නේ මේ page loading speed එක ඉක්මන් හොඳ මට්ටමක තිබුනොත් විතරයි. මේ page loading speed එක මැන බලන්න ඔයාට විවිධ tools යොදා ගන්න හැකියාව තියෙනවා.ඔයාට ඒ අතරින් ගූගල් එක මගින් ලබාදෙන page insight යොදා ගන්න හැකියාව තියනවා. තවද gtmetrx වගේ සයිට් එකක් හෝ වෙනත් tool එකක් යොදාගෙන මෙම ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්.ඒ තෝරාගත් site එකට ඔයාගේ වෙබ් සයිට් එක දාල ඒ වෙබ් සයිට් එකේ ඔයාට පෙන්වන අඩුපාඩු සියල්ල නැවත සකස් කර ගැනීම මගින් ඔයාට මේ ඔයාගේ වෙබ් සයිට් එකේ page loading speed එක වැඩි කර ගැනීමට හැකියාව තියෙනවා.
මොකක්ද මේ SEO strategy එක කියලා කියන්නේ
ඔයා ටිකකට හිතන්න ඔයාට google එකේ best Bluetooth speakers කියන keyword එකට හරියන විදියට ඔයාගේ වෙබ් පිටුවක් rank කර ගන්න ඕනි කියලා. එසේ නම් ඔයා ඔයාගේ ඒ keyword එකට දැනට තියෙන competition එක තේරුම් අරගෙන අනිත් වෙබ්පිටු එක්ක හොඳ තරඟයක් දෙන්න පුළුවන් විදිහට ඔයාගේ වෙබ් පිටුව තුළ SEO optimize කිරීම කළ යුතු වෙනවා. ඒ නිසාම අපි google එකේ නම් කරලා තියෙන 200 කට වඩා අධික ranking factors වලට අවධානය යොමු කරලා ඒ competition එක එක්ක හොඳින් සටන් කළ හැකි වන විදියට අපිට හරියට SEO strategy එකක් සාදා ගන්න එක අනිවාර්යෙන් සිදුකල යුතුයි.ඒ විතරක් නෙවෙයි කිසිම වෙලාවක SEO වලට අදාල කරුණු විතරක් නිකංම optimize කරන්න යන්න එපා.ඔයා නිකංම SEO කරනවට වඩා SEO strategy එකත් ඒ කියන්නේ SEO වලට අදාල කරුණු ගොඩක එකතුවක් යොදාගත්තොත් එය ඔයාට හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම ඉතාමත් පහසු කරනවා.
තේරෙන් නැති තැනක් තියෙනවනම්, අපේ SEO Sinhala Facebook page එක හරහා අපිව සම්බන්ද කර ගන්න