Fiverr Sinhala | Fiverr ගැන හැමදේම සිංහලෙන් ඉගෙනගමු

Fiverr කියන්නේ මේ වෙනකොට ලෝකයේ තියෙන හොදම online marketplace එකක්. මෙම site එක මගින් කරන්නේ Buyers ල සහ sellers ල එකට සම්බන්ද කිරීමයි. 2010 දී Launched කරන ලද fiverr මේ වන විට ඉතා පුළුල් පරාසයකට විහිදී ගොස් ඇත. ඉතින් මං ඔයාලට මේ ගැන හැමදේම සිංහලෙන්ම කියල දෙන්නම්.

ඔයාට මොකක් හරි skill එකක් තියෙනවනම්, ඔයාට ඒ skill එක service එකක් ලෙස Fiverr එකේ sell කරන්න පුළුවන්
උදා: Graphic Design, Content writing, SEO, digital marketing, social media manager

එවිට ඔයාගේ සේවාව අවශ්‍ය අයෙකු සිටීනම්, ඔහු ඔබව සම්බන්දකරගෙන ඔබගෙන් සේවාව ලබාගන්නා අතර, එයට අදාල මුදල ඔබට ලැබෙනු ඇත. මෙහිදී fiverr අතරමැදියෙකු ලෙස ක්‍රියාකරන අතර seller ගෙන් හා buyer ගෙන් යම් කිසි සුළු මුදලක් (percentage එකක්) Fiverr ආයතනය විසින් ලබාගනී.

තාක්ෂණයේ දියුණුවත් සමගම බොහෝ පිරිසක් E-Money වලට යොමුවීමට වැඩි කැමැත්තක් දක්වන අතර Fiverr කියන්නේ beginner කෙනෙක්ට පටන් ගන්න පුලුවන් පහසු platform එකක්. ඉතින් ඔයත් අන්තර්ජාලය හරහා මුදල් හොයන්න කැමති කෙනෙක්නම් මේක ඔයා වෙනුවෙන්ම හදපු platform එකක්.

Fiverr පටන් ගන්න කලින් ඔබ දැනගත යුතු දේවල්.

මුලින්ම කියන්න ඕනේ මේකෙදි වඩාත්ම වැදගත් වෙන්නේ ඔයාගේ skill එක. ඒ කියන්නේ ඔයාට මොකක් හරි හැකියාවක් තියෙන්න ඕනේ. ඔයාට එහෙම skill එකක් නැත්තන් ඔයාට පුලුවන් වෙන කෙනෙක්ගේ skill එකක් fiverr හරහා sell කරන්න. ඒ කියන්නේ ඔයාගේ යාලුවට Graphic Design පුලුවන්නම්, ඔයාට පුළුවන් fiverr හරහා orders අරගෙන යාලුවට දීල කරගන්න.

එහෙම නැත්තන් ඔයාට සිද්ද වෙනවා මොකක් හරි skill එකක් හදාගන්න. මේකෙදි ඔයාට යම් කාලයක් යනවා මේ වැඩේ කරගන්න. ඔය මුලින්ම තීරණය කරන්න ඕනේ ඔයා fiverr එකේ මොන category එකෙන්ද service එක දෙන්නේ කියල. ඊටපස්සේ තම එකට අදාල දේවල් study කරන්න පටන්ගන්න ඕනේ. දෙන service එක තීරණය කිරීමටනම් ඔයාට සිද්ද වෙනවා market analyze එකක් කරලා බලන්න.

මොකද ඔයා දෙන්න ඕනේ fiverr එකේ හොද ඉල්ලුමක් තියෙන service එකක්. නැතුව ඔයාට හිතෙන හිතෙන එක දීල වැඩක් නෑ.

Fiverr ගිණුමක් නිර්මාණය කරන ආකාරය step by step

www.fiverr.com එකට යන්න. පහත පින්තූරයේ දක්වා ඇති ආකාරයට join click කරන්න, ඉන්පසු එන box එකේ ඔබගේ email address එක දමා continue කරන්න.

Fiverr Account Create step

එවිට පහත ආකාරයට box එකක් ඔබට දැකගත හැකිය. මෙහි username සහ password යොදා join වෙන්න. ඔබ මෙහි යොදන username එක තමා fiverr තුල ඔබව හැදින්වීමට බාවිතා කරන්නේ. එම නිසා fiverr username එකක් තෝරාගන්නා විට සැලකිලිමත් වන්න.

පොඩි tips ටිකක් දෙන්නම් හොද username එකක් තෝරාගන්නේ කොහොමද කියල.

Keep it simple: කියවීමට සහ මතක තබා ගැනීමට පහසු නමක් තෝරාගන්න.

Make it relevant: ඔයා දෙන service එකට ගැලපෙන නමක් තෝරාගන්න. ඔයා designer කෙනෙක්නම්, ඔබගේ වෘත්තීයට ගැලපෙන පරිදි එය තෝරා ගන්න. (උදා: anu_design වැනි) මෙය අනිවාර්ය නොවන අතර ඔබට අවශ්‍යනම් ඔබගේ වෘත්තීයට කිසිසේත් සමාන නොවන username එකක් උවද තෝරාගත හැකිය.

Be professional: නුසුදුසු හෝ අහිතකර භාෂාවක් භාවිතා කිරීමෙන් වළකින්න.

Be unique: දැනට fiverr එකේ top ranking වල ඉන්න අයගේ username copy කරලා පොඩ්ඩක් අරහෙට මෙහෙට වෙනස් කරලා දන්නා යන්න එපා. unique name එකක් තෝරාගන්න බලන්න.

Check availability: ඔය select කරගන්න username එක දැනටමත් වෙන කෙනෙකු ගෙන ඇත්නම් ඔයාට ඒක ගන්න බෑ.

Test it out: ඔයාට හිතවත් යම්කිසි දැනුමක් තියෙන කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්න ඔයා තෝරගත්ත name එක හොදයිද කියල.

හරි ඔයාට මං කිවුව Tips ටිකත් සලකා බලන්න පුළුවන් fiverr එකට username එකක් තෝරාගැනීමේදී. තේරෙන්නැති දෙයක් තිබ්බොත් අපේ SEO Sinhala Facebook page එකට message එකක් දාන්න.

ඔයා username සහ password ගහල join දුන්නහම ඔයගේ fiverr account එක හැදෙනවා.

Fiverr profile එක complete කරමු

ඔයා දැන් fiverr account එක හදල ඉවරනේ. ඊළගට ඔයා කරන්න ඕනේ Profile එක setup කරන එක. පහල රූපයේ තියෙන ආකාරයට click කරලා profile එකට යන්න. ඉන්පසු profile එක complete කරගන්න.

fiverr sinhala guide
  • Fiverr Profile එකට හොඳ Photo එකක් දාන්න.
  • මේ photo එක buyers ලට පේනවා. ඒක හින්ද හොද professional එකක් දාන්න. fiverr එකේ අනිත් sellers ල දාල තියෙන photos බලල idea එකක් ගන්න.
  • About Description එකක් යොදන්න. Description එක කියන්නේ ඔයා ගැන පුංචි විස්තරයක්. ඔයාගේ experience එක සහ ඔයා දෙන service ගැන දාලා පොඩි විස්තරයක් ලියන්න. මේක ලියද්දි පොඩ්ඩක් Creative විදිහට ලියන්න බලන්න.
  • Languages, Linked Accounts, Skills, Education, Certification යන දේවලුත් ඔයාගේ විස්තර දාල complete කරන්න. මේවා ඔයාට පස්සේ ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. එක හින්ද ලොකුවට බයවෙන්න එපා.

හරි ඔයා දැන් fiverr account එකකුත් හදල එකේ profile එකත් complete කරලා තියෙන්නේ. දැන් තමා හොදම හරිය තියෙන්නේ. දැන් ඔයා දෙන්න ඉන්න service ටික fiverr එකේ list කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ service එකේ විස්තර, deliver කරන්න කොච්චර කාලයක් යනවද, packages තියෙන්නේ මොනවද සහ ඒවායේ මිලගණන්. මෙන්න මේ විස්තර දාල service එක list කරන එකට අපි කියනවා Fiverr Gig එකක් හදනවා කියල.

Fiverr Gig එකක් හදන ආකාරය

gig එකක් හදන්න කලින් ඔයා ඒකට ඕන details ටික හොයාගෙන ඉන්න ඕනේ. මේ දේවල් හොයද්දි හදිස්සි වෙන්න එපා. හිමීට කාලේ අරන් කරන්න. මොකද ඔයා gig එකක් හදල පස්සේ ඒක edit කරන එක එතරම් නුවණට හුරු දෙයක් නම් නෙමේ. ඒක හින්ද අනික් අයගේ fiverr gig analyze කරලා බලල සහ ඔයාම හිතල creative විදිහට මේ ටික හදාගන්න. තේරෙන් නැති දෙයක් තියෙනවනම් SEO Sinhala page එකට message එකක් දාන්න.

Fiverr Gig Title එක හරියට හදමු

මේක ඉතාම වැදගත්. ඒක හින්ද ඔයාගේ service එකට ගැලපෙන හොද title එකක් තෝරා ගැනීමට වගබලාගන්න. buyer කෙනෙක් මුලින්ම දකින්නේ ඔයාගේ gig title එක. buyer title එක බලල තමා ඔයාගේ gig එකට එනවද නැද්ද කියල තීරණය කරන්නේ. gig එකක් rank වීමටත් title එක බලපානවා.

Fiverr Gig Title Creation tips ටිකක් දෙන්නම්. මේ ටික follow කරන්න

Be specific: ඔයා offer කරන service එක ගැන පැහැදිලිව සදහන් කරන්න.

Use relevant keywords: මේක ඉතාම වැදගත්. ඔයාගේ service එකට ගැලපෙන keywords අනිවාරෙන් use කරන්න. keywords 1ක් හෝ උපරිම දෙකක් පමණක් භාවිත කරන්න. අනවශ්‍ය ලෙස විවිද keywords යෙදීම හෝ keyword stuffing කරන්න එපා.

Keep it concise: title එක හුගක් දික් කරන්න එපා. සංක්ෂිප්තව තියාගන්න.

Fiverr Gig Tags තෝරාගන්නා ආකාරය

නිවැරදි tags තෝරාගැනීම, ඔයාගේ ගිග එක search result එකේ ඉහලටම ගෙනයාමට හා target audience වෙත ළඟා වීමට ඉතා වැදගත් වේ. අපිට උපරිම tags 5ක් යොදන්න පුලුවන්. ඒ නිසා හොඳම tags 5 තෝරගන්න වගබලාගන්න.

Think like your potential clients: ඔයාම හිතල බලන්න ඔයා buyer කෙනෙක් උනොත් මොන වගේ keywords ද search කරලා බලන්නේ කියල.

Research your competitors: ඔයාගේ වෘත්තීයේම මේ වෙනකොට සාර්ථක වෙලා ඉන්න අයගේ account වලට ගිහින් බලන්න එයාල භාවිත කරලා තියෙන tags මොනවද කියල.

Use variations: එකම විදිහේ tags භාවිතා නොකර පුළුල් පරාසයක් ආවරණය කිරීමට උත්සහ කරන්න.

Packages හා price list එක තීරණය කිරීම

ඔයාගේ service එක package එකක් විදිහට හෝ 3ක් විදිහට දෙන්න පුළුවන්. කෙනෙක් ඔයාගේ service එක ගන්න කලින් අනිවාර්යෙන් බලන දෙයක් තමා ඔයාගේ price list එක. මං පොඩි tips ටිකක් දෙන්නම් ඒවා follow කරන්න

Research the competition: දාන්න ඕන price ගැන ඔයාට idea එකක් නැත්තම්, සමාන service දෙන අනිත් අයගේ මිල ගණන් කොහොමද දාල තියෙන්නේ කියල බලන්න.

Assess your skill level and experience: ඔබේ කුසලතා මට්ටම සහ පළපුරුද්ද අනුව ඔබට පුළුවන් මිලක් නියම කරන්න. ඔබ ආධුනිකයෙක් නම් අඩු මුදලකින් පටන් ගන්න.

Determine your costs: වැය කරන කාලය, software cost හා ඔබ වෙන කෙනෙක්ගේ උදව් ගන්නවානම් ඔහුට ගෙවන මුදල වැනි දේවල් සලක බලා මිලක් නියම කරන්න පුළුවන්.

Fiverr Gig Description එක සෑදීම

මේකෙදි ඔයා දෙන්න ඕනේ ඔයාගේ service එක ගැන අකුරු 1200 කට නොවැඩි විස්තරයක්. සිත් ඇදගන්නා සුළු සහ අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරීම මගින් ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය දිනාගත හැකිය.

Strong introduction: ඔයාගේ ප්‍රවීණත්වය සහ ඔබ සමඟ වැඩ කිරීමෙන් ගනුදෙනුකරුවන්ට අපේක්ෂා කළ හැකි ප්‍රතිලාභ මොනවද යන්න කෙටි හැඳින්වීමකින් ආරම්භ කරන්න.

About me: ඔයාගේ සුදුසුකම් සහ ඔයා කරලා තියෙන දේවල් ගැන පොඩි විස්තරයක් යොදන්න. මෙය විශ්වසනීයත්වය තහවුරු කිරීමට උපකාරී වේ.

Detailed service description: ඔයාගේ service එක ගැන විස්තරාත්මකව පැහැදිලි කරන්න. කියවීමට සහ තේරුම් ගැනීමට පහසු කිරීමට bullet points හෝ subheadings භාවිතා කරන්න.

Benefits and value proposition: clients ලට ලැබෙන benefits මොනවද කියල විස්තර කරන්න. ඒ කියන්නේ ඔයත් එක්ක ගණුදෙනු කිරීමට පොඩි motivation එකක් දෙන්න.

FAQ (Frequently Asked Questions) තීරණය කිරීම

ඔයාගේ service එක ගැන clients ල නිතර අහන ප්‍රශ්න මොනවද සහ ඒවාට උත්තර දීල ඔයාට FAQ section එකක් හදන්න පුළුවන්. ඔබගේ සහ service එක ගන්න එන අයගේ කාලය ඉතිරිකර ගැනීමට මෙය හුගක් උපකාරී වෙනවා.

Identify common questions: ඔයාගේ service එක ගැන ගනුදෙනුකරුවන් ඔබෙන් මොන ආකාරයේ ප්‍රශ්න අහයිද කියල ඔයාම හිතල බලන්න.

Research competitors’ FAQs: ඔයගේ තරඟකරුවන් FAQ වලට දාල තියෙන්නේ මොනාද කියල බලන්න.

Keep it concise: සෑම ප්‍රශ්නයකටම පැහැදිලි සහ සංක්ෂිප්ත පිළිතුරු සපයන්න. අනවශ්‍ය විස්තර කියන්න එපා.

Use clear and simple language: හැමෝටම තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් තියන්න.

Fiverr Gig Images Creation

ඔයාට gig එකට images 3ක් දක්වා දාන්න පුළුවන්. eye-catching හා professional gig images භාවිතා කිරීම ඉතාම වැදගත්. ඔයා graphic designer කෙනෙක්නම් ඔයා මේකට ලොකු අවදානයක් යොමුකරන්න ඕනේ. මොකද ඔයාගේ gig image quality එක මත buyer තීරණය කරන්න පුළුවන් ඔයාගේ හැකියාව ගැන.

Use high-quality images: අනිවාර්යෙන් high-resolution හා clear image භාවිත කරන්න. අපැහැදිලි හෝ බොදවෙලා තියෙන ඒවා ගන්න එපා.

Choose the right dimensions: 550px- 370px මේක තමයි Fiverr recommends කරන image size එක. update අනුව මේක වෙනස් වෙන්න පුළුවන්.

Use minimal text: හුගක් අකුරු වලින් පුරවන්න එපා. text අඩුවෙන් භාවිත කරන්න. අනිත් අයගේ ඒවා බලල idea එකක් ගන්න.

Fiverr Gig එක Create කරමු

ඔයා දැන් ඕන details ටිකත් පිළිවෙලකට හොයාගත්තනේ. අපි එහෙනම් දැන් gig එක හදමු. මුලින්ම ඔයාගේ profile එකට යන්න. එකේ තියෙනවා Become A Seller කියල button එකක්. ඒක click කරන්න. දැන් ඔයාට අයෙත් පොඩි පොඩි details ටිකක් fill කරන්න එනවා. එතනින් fill කරලා නැති ඒවා බලල complete කරන්න.

මේකේ එක තැනක අහයි “Full Name” එක. ඒක private කියල තියෙනවා. මේක අනිත් අයට පේන් නෑ. මේකට අනිවාර්යයෙන් ඔයා ඔයාගේ හරි නම දෙන්න ඕනේ (ID එකේ හෝ Driving license එකේ තියෙන විදිහට) ඒකට හේතුව තමයි ඔයාට orders එන්න පටන් ගත්තහම fiverr එකෙන් ID verification එකක් ඉල්ලනවා. එතකොට අපිට සිද්ද වෙනවා ID එකේ හෝ Driving license එකේ photo එකක් upload කරන්න. ID එකේ තියෙන නමයි “Full Name” එකට දෙන නමයි සමානද කියල එයාල බලනවා. ඒක සමාන නොවුනොත් ඔයාගේ account එකට බුදු සරණයි.

මේ සේරම ටික complete කරට පස්සේ පහල තියෙන විදිහට window එක open වෙයි. Gig title කියන තැනට ඔයා කලින් හදාගත්ත title එක දෙන්න. fiverr එකෙන් recommend කරන ආකාරයට ඔයාගේ title එක තියෙනවනම්, Just Perfect කියල යටින් කොළ පාටට වැටෙයි.

ඔයාගේ title එක හුගක් දිගයිනම් Looks good, however, shorter titles sell better කියල පෙන්වයි (එහෙම පෙන්නුවා කියල ප්‍රශ්නයක්නෑ). මේකෙදි අපිට අකුරු 80ක් එනකන් දික් කරන්න පුළුවන්.

ඊළගට Category හා subcategory තෝරන්න. ඔයාට දෙන්න ඕන Category එක ගැන idea එකක් නැත්තන් අනිත් අය දීල තියෙන විදිහ බලන්න. එහෙමත් තේරෙන් නැත්තන් මට message එකක් දන්නා.

ඊළගට Search tags නැත්නම් Positive keywords කියන තැන ඔයා තෝරගත්ත tags 5 දාන්න. එක ටැග් එකක් type කරල keyboard එකේ enter button එක press කරන්න. ඊළගට අනිත් tag එක දන්න. මේ විදිහට 5ම දාන්න. දාල save and continue click කරන්න

මෙතන ඔයා select කරන Category එක අනුව තව පොඩි පොඩි දේවල් ටිකක් select කරන්න එන්න පුලුවන්. ඒවා ගැලපෙන විදිහට බලල දෙන්න.

create a fiverr gig sinhala

දැන් තමා ඔයාගේ packages සහ Pricing ටික හදන්න තියෙන්නේ. මෙතැනදී මේ Offer packages කියන tick එක off කරලා ඔයාට ඕනනම් එක package එකක් විතරක් දෙන්නත් පුළුවන්. tick එක දැම්මොත් packages 3ක් දෙන්න පුළුවන්. එක ඉතින් ඔයාටම තමා තීරණය කරන්න වෙන්නේ.

package name එකට ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. ඔයා backlink service එකක් දෙනවනම් package name විදිහට මෙහෙම දාන්න පුළුවන්. (10 backlinks, 20 backlinks, 30 backlinks)

description එකට පොඩි විස්තරයක් දෙන්න. ඊළගට deliver time, price දෙන්න. එතනම යට තියෙනවා Add extra services කියල. එකටත් ඔයාට කැමතිනම් තව මොනාහරි add කරන්න පුළුවන්.

තව දෙයක් කියන්න ඕනේ, ඔයා select කරන category එක අනුව ඔයාට fill කරන්න එන details වෙනස් වෙනවා. ඒවා ඔයාගේ service එකට ගැලපෙන විදිහට දෙන්න. දාල save and continue click කරන්න

fiverr package list sinhala

ඊළගට ඔයාලට පහල රූපයේ තියෙන ආකාරයේ window එකක් open වෙයි. මෙතන තමා ඔයාගේ Description එක දෙන්න තියෙන්නේ. description එක type කරලා ඒක පොඩ්ඩක් bold කරලා, highlight කරලා හා bullet point දාල හදන්න. ඔයා එකම වචනයක් හුග පාරක් use කරලා තියෙනවනම් save කරද්දී පෙන්නනවා මෙන්න මේ වචනේ හුග පාරක් use කරලා තියෙනවා ඒක අඩුකරන්න කියල.

ඊළගට මේ window එකේම යට තියෙනවා Frequently Asked Questions ටික add කරන්න. ඒ ටිකත් පිළිවෙලකට add කරලා save and continue දෙන්න.

ඊළගට ඔයාට එයි Requirements විදිහට ගන්න දේවල් ටික මොනවද අහල. ඒ කියන්නේ මෙහෙමයි, ඔයා graphic designer කෙනෙක්නම්, ඔයා client ගෙන් ගන්න ඕනෙනේ පොඩි විස්තරයක්. එතකොට ඔයාට පුළුවන් “brief description” කියල ඒක add කරන්න. එතකොට client order එක දාද්දි මේ brief description කියන තැනට එයාට ඕන design එක ගැන පොඩි විස්තරයක් type කරයි. මේකත් save and continue දෙන්න.

ඊළගට තමා gig images, videos, PDF වගේ දේවල් upload කරන්න තියෙන්නේ. videos, PDF එහෙම ඔයාට කැමතිනම් add කරන්න පුළුවන්. gig image ටික add කරලා save and continue දෙන්න.

හරි දැන් ඔයාගේ gig එකේ වැඩ ටික ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ gig එක publish කරන්න විතරයි. මෙතැනදී ඔයාගෙන් අහයි US person කෙනෙක්ද කියල. එකට NO දෙන්න. ඊලග දේ තමා ඔයාගේ gig එක publish කරන්න දෙන්න කලින් fiverr එකෙන් skill test එකක් තියන්න පුළුවන්.

Fiverr skill test

ඔයා SEO service එකක් දෙනවනම්, SEO skill test එකකුයි English skill test එකකුයි වගේ තියෙන්න පුළුවන්. ඔයාල ඒ test ටික කරනකම් gig publish කරන්න දෙන්නේ නෑ. සමහර වෙලාවට එයාල කිසිම skill test එකක් නොතිය gig එක publish කරන්න දෙන වෙලාවලුත් තියෙනවා. එහෙම උනොත් ඉතින් ගොඩ තමා.

taken test කියන button එක click කරලා ඔයාට exam එක ගන්න පුළුවන්. මේකෙදි ප්‍රශ්ණ 40ක් වගේ අහනවා. time එක 40min දෙනවා. ප්‍රශ්නේ සහ එකට අදාල උත්තර ටික යටින් තියෙනවා. අපිට තියෙන්නේ හරි answer එක select කරන්න. ඊලග වැදගත්ම දේ තමා ඔයා මේ එක open කරගත්තහම ආයේ වෙන දේවල් click කරන්නවත්, වෙන tab open කරන්නවත් යන්න එපා. එයාලගේ system එකට detect උනොත් ඔයා කොහින් හරි බලල test එක කරන්න හදනවා කියල, එක සැරයක් warning එකක් දෙනවා. ඊලග පාර ඔයාව test එකෙන් අයින් කරනවා.

මේ test එක pass උනොත් ඔයාට gig එක publish කරන්න පුළුවන්. fail උනොත් ආයේ පැය 24 කින් test එක කරන්න chance එකක් දෙනවා. හැබැයි එකත් fail උනොත් ආයේ දවස් 90ක් යනකන් test එක කරන්න දෙන් නෑ. ඒ කියන්නේ එතකන් අපේ gig එක publish කරන්න වෙන් නෑ කියන එක.

ඉතින් මං ප්‍රර්ථනා කරනවා ඔයාල කවුරුත් මේක fail නොවේවා කියල. skill test එක ගොඩදාගන්න tips ටිකක් ඕනෙනම් අපේ facebook page එකට message එකක් දාන්න.

Fiverr Gig Performance

හරි එහෙනම් ඔන්න දැන් ඔයා gig එක publish කරලා ඉවරයි. Fiverr menu bar එකෙන් ඔයාට gigs කියන එක click කරලා ඔයාගේ Fiverr Gig එකේ Performance බලාගන්න පුළුවන්. gig එක දාපු ගමන්ම Performance බලන්න බෑ. පැය 24 කින් වගේ ගිහින් බලන්නකෝ.

Impression – මේකෙන් පෙන්නන්නේ ඔයාගේ Gig එක Fiverr site එක තුල පෙන්වපු වාර ගණන.

Click – Gig එක පෙනවපු වෙලාවලදි ඒක Click කරපු වාර ගාණ. ඒ කියන්නේ කවුරු හරි ඔයාගේ gig එකට click කරලා අවොත්, මෙතන 1 යි කියල පෙන්නනවා.

Fiverr Orders ගැන හැමදේම

ඔයා අලුතින් හදපු gig එකට orders ගන්න එක එච්චර ලේසි පහසු දෙයක් නෙමේ. අලුත් gig වලට fiver එකෙන් පොඩි boost එකක් දෙනවා. එතැනදී buyer කෙනෙක් ඔයාගේ gig එක දැකල එකේ quality එක මත එයා තීරණය කරන්න පුළුවන් orders දානවද නැද්ද කියලා. ඔයාට පුළුවන් social media හරහා fiverr orders ගන්න try කරන්න. එහෙම උනොත් ඒක ඔයාගේ gig එක search result එකේ තව ඉස්සරහට යන්න ලොකු help එකක් වෙනවා. ඉතින් fiverr account එකක් දාල ඔහේ බලන් ඉන්න එපා එන දවසක orders වරෙන් කියල.

ඔයාට කොහොමහරි order එකක් අවොත් ඒක ඔයාට notification එකක් විදිහට පෙන්නනවා. මුලින්ම buyer ට thanks කියල ලස්සනට message එකක් හදල දාන්න.

ඊළගට ඔයාට order එක start කරන්න තව මොනා හරි details ඕනෙනම් ඒවත් ඉල්ල ගන්න.

ඊටපස්සේ ඉතින් ඔයාගේ වැඩ පෙන්නන්ඩ තමා තියෙන්නේ, ඔයාට පුළුවන් උපරිම quality එකෙන් කරල deliver time එකටත් කලින් order එක deliver කරන්න.

order එකේ අඩුපාඩුවක් තිබ්බොත් buyer revision එකක් දායි. එතකොට අපහු එයා කියන විදිහට අඩුපාඩු හදල deliver කරන්න. එයා බලාපොරොත්තු වෙන විදිහට ආවට පස්සේ එයා order එක accept කරයි. buyer ට කැමතිනම් පුළුවන් ඔයාට 5 star වෙනකම් review එකක් හා වැඩිපුර tip එකක් දෙන්න. හරියට අපි waiter කෙනෙක්ට tip එකක් දෙනවා වගේ.

හැබැයි ඔයා කොයිම වෙලාවකවත් 5 star review එකක් දාන්න කියල හරි tip එකක් හරි ඉල්ලන්න එපා. ඒක එයාලගේ guidelines වලට විරුද්දයි.

Withdraw කරන ආකාරය

ඔයා fiverr එකෙන් හොයන සල්ලි paypal හෝ payoneer හරහා ඔයාගේ bank එකටම ගන්න පුළුවන්. payoneer account එකක් හදල ඒක verify කරගෙන fiverr එකට add කරන විදිහ ගැන මම වෙන post එකකින් ගේන්නම්.

Conclusion

හරි එහෙනම් මේ post එකෙන් මං ඔයාලට කියල දුන්නා fiverr කියන්නේ මොකද්ද කියන තැන ඉදල order එකක් deliver කරන තැන දක්වාම. මේ steps follow කරලා ඔයාට පුළුවන් තනියෙම Fiverr Account එකක් හදල Gig එකක් දාගන්න. ඔයාට තේරෙන් නැති දෙයක් තිබ්බොත් අපේ page එකට අනිවරෙන් message එකක් දාන්න. post එක හොදයිනම් අනිවාරෙන් comment එකක් දාන්න. තවත් මේ වගේ වැදගත් post එකකින් ඉක්මනටම හමුවෙමු.

Add a Comment

Your email address will not be published.