ChatGPT ගැන සිංහලෙන් ඉගෙන ගමු 2023
ChatGPT කියන්නේ OpenAI විසින් හදුන්වාදීපු Artificial-Intelligence chatbot එකක්. මේක හදුන්වාදුන්නේ 2022 November වලදීය. ඒ ChatGpt 3.5 ලෙසයි. මෙය අපට තවම free භාවිතා කිරීමට හැකියාව ඇති අතර 2023 March වල හදුන්වාදුන් නවතම ChatGPT 4 භාවිත කල හැක්කේ paid users ලට පමණි.
අපිට මේකත් එක්ක Chat කරන්න පුළුවන් හරියට මනුස්සයෙක් එක්ක Chat කරනවා වගේම. මේකෙන් අපිට තාම හම්බෙන්නේ text-based output එකක්. මේක හදල තියෙන්නේ අපි කියන දේ තේරුම් අරන් උත්තර දෙන්න පුලුවන් විදිහට.
ඒ කියන්නේ අපි මනුස්සයෙක්ට අපේ ප්‍රශ්නයක් කිව්වහම එයා අපි කියන දේ අහගෙන ඉදල, එයා අපේ ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් දෙනවනේ. මේ ChatGPT එකටත් පුලුවන් ඒ විදිහට අපි කියන දෙයක් අහන් ඉදල, හිතල බලල උත්තර දෙන්න හරියට මනුස්සයෙක් වගේ.
සරල උදාහරනයකින් මම මේක පැහැදිලි කරන්නම්. Chamara හා ChatGPT අතර ඇතිවු පහත සංවාදය බලන්න.

මෙහිදී Chamara විසින් පවසනවා තමන් දින කිහිපයක සිටම වැඩ වැඩි වීම නිසා මානසික පීඩනයකින් පෙලෙන බවත් එයට කලයුත්තේ කුමක්දැයි කියා ඔහු නොදන්නා බවත්. එවිට ChatGPT විසින් කියනවා workload එක කුඩා කොටස් වලට බෙදාගෙන try කරලා බලන්න එවිට එය පහසුවක් වේවි කියා.
මං මේ පෙන්නුවේ ඉතාම සරල උදහරණයක් විතරයි. මට මේකෙන් ඔයාට පෙන්නන්ඩ ඕන උනේ OpenAI විසින් නිර්මාණය කරපු ChatGPT එක කොපමණ දුරකට මනුස්සයෙක්ට සමානද කියල. හරි දැන් ඔයාට ප්‍රස්නයක් ඇති ඔයාට English බැරිනම් ඔයාට මේකත් එක්ක Chat කරන්න තේරෙන් නැනේ කියල. මේකෙදි අපිට Chatbot එකට හරියටම English වලින් දෙන්න ඕනේ නෑ. ඔයාට තේරෙන විදිහට වැරදි වැරදි හරි දෙන්න. එතකොට ඔය කියන්න හදන දේ මෙයාට තේරුම් ගන්න පුළුවන්.
ඔයාට පොඩ්ඩක්වත් English බැරිනම්, Google Translate එක use කරන්න පුළුවන්.
- ඔයාට ඕන දේ Google Translate එකේ සිංහලෙන් Type කරන්න.
- ඊට පස්සේ එකට අදාල English translation එක අරගෙන ChatGPT එකට දෙන්න.
- දැන් Chabot එක මගින් දෙන English answer එකත් Translate එකට දාල සිංහලට Translate කරගන්න පුළුවන්.
එහෙම නැත්නම් ඔයාට ChatGPT එකත් එක්ක සිංහලෙන් Chat කරන්නත් පුළුවන්. තාම OpenAI එක හරියටම සිංහල භාෂාව සමග වැඩකරන්නේ නෑ. ඒක හින්ද මෙහිදී ලැබෙන Answer එක අපට තේරුම් ගැනීමට අපහසු විය හැකිය.
කොහොමද ChatGPT account එකක් හදාගන්නේ?
මේක හරිම සරලයි. ඔයාට පුලුවන් openai website එකට ගිහින් ඔයාලගේ Google account එක හරහා Sign UP වෙන්න. මෙහිදී ChatGpt 3.5 version එක ඔයාට free use කරන්න පුළුවන්. ChatGPT 4 version එක භාවිත කිරීමට paid membership එකක් ලබාගත යුතුය.
New Chat එකක් open කරලා send a message කියන තැන ඔයාට ඕන message එක type කරලා send කරන්න පුළුවන්. සිංහල හා English භාෂා දෙකෙන්ම try කරලා බලන්න.
මේ AI එකෙන් අපිට ගන්න පුළුවන් වැඩ මොනවාද?
- අපි අහන ප්‍රස්නෙකට උත්තර දීමේ හැකියාව.
- මොකක් හරි topic එකක් ගැන පුළුල් පරාසයක තොරතුරු දැනගැනීමේ හැකියාව.
- අපි දෙන input එකට ගැලපෙන ආකාරයට යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව.
- අපට උදවු අවශ්‍ය ඕනෑම දෙයක් ගැන උපදෙස්, පැහැදිලි කිරීම් හෝ මග පෙන්වීම් ලබා ගත හැකිය.
මෙහෙම කිවුවහම ඔයාට තේරෙනවනේ මේකෙන් ගන්න පුලුවන් වැඩ ප්‍රමාණය කොච්චරද කියල. සරලවම කිවුවොත් ඔයාගේ හුගක් වැඩ මේක හින්ද ලේසි වෙනවා. හරි අපි දැන් බලමු Freelancer කෙනෙක් විදිහට අපිට මේකෙන් ගන්න පුළුවන් වැඩ මොනවද කියල.
ChatGPT එකෙන් SEO Friendly content ලියාගන්න පුළුවන් ඔයාගේ site එකට දන්න.
මේ ලියාගන්න content එහෙම් පිටින්ම ඔයාගේ site එකට දන්න එපා. ඔයා ඒක කියවල බලල, අඩුපාඩු හදල දාන්න. ඔයාට blog post එකට අදාල සේරම දේවල් මේකෙන් හදා ගන්න පුළුවන්. දැන් ඔය දන්නවගේ ඕන දේවල් මොනාද කියල.
Title, Main Keywords, Secondary keywords, LSI keywords, Content structure මෙන්න මේ දේවල් ටිකත් අපිට AI එකෙන්ම අහගන්න පුළුවන්. පහල තියෙන Image එක බලන්න. මං සරල විදිහට එයාගෙන් ඇහුව Travel related article එකකට Title, Main Keywords, Secondary keywords, LSI keywords, Content structure එකක් හදල දෙන්න කියල. එතකොට එයා හදල දීපු එක ඔයාලට බලාගන්න පුලුවන් පහල image එකෙන්.

ඊළගට ඔයාට පුළුවන් මෙය දීපු කරුණුම use කරලා වචන 800 ක විතර Blog Article එකක් SEO friendly විදිහට ලියල දෙන්න කියන්න. එතකොට AI එකෙන් අපි මේ කියපු විදිහට content එකක් හදල දෙනවා. ඊට අමතරව article එකට අදාල Meta description, meta title, permalink වගේ දේවලුත් හදාගන්න පුළුවන්. ChatGPT එකෙන් ලියපු blog post එක ගැන ඔයා satisfy නැත්තම්, ඔයාට පුළුවන් මේ article එකට තව මොනාහරි add වෙන්න ඕනනම් ඒවත් එකතු කරලා, ඊළගට article එකේ මොනාහරි අයින් කරන්න තියෙනවනම් ඒවත් අයින් කරලා, ආයේ ලියන්න කියල AI එකට කියන්න. එතකොට ඔයා කියපු විදිහට content එක වෙනස් කරලා දෙනවා
මම කලිනුත් කිවුව වගේ මේ හදාගන්න Article එක මෙහෙම්මම ඔයාගේ site එකේ දන්න එපා. ඔයා මේක කියවල අවශ්‍ය තැන් වෙනස් කරලා දන්න.
Professional විදිහට Clients ල එක්ක Communicate කරමු
ඔය මොකක් හරි service එකක් දෙනවනම් ඔයාටත් තියෙන ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති clients ල එක්ක professional විදිහට chat කරන එක. ඉතින් මේ AI එකෙන් ඔයාට පුලුවන් ඒ දේ පහසුවෙන්ම කර ගන්න. මුලින්ම ඔය AI එකට කියන්න ඔය ගැන පොඩි විස්තරයක්. ඒ කියන්නේ ඔයාගේ නම මොකද්ද, ඔයා දෙන service එක මොකද්ද, ඔයා මේ service එක දෙන්නේ මොනවගේ platform එකකද කියල. ඒවගේම ඔයාගේ service එකේ include වෙලා තියෙන්නේ මොනාද, packages හා prices ගැන විස්තර වගේ දේවලුත් කියන්න. ඔයාට පුළුවන් මේ වගේ ඔයාගේ විස්තර දාල Template එකක් වගේ හදාගෙන ඔයාගේ PC එකේ save කරලා තියාගන්න.
මේ වගේ ලොකු විස්තරයක් දුන්නම එයාට ඔයාගැන සහ ඔයාගේ services ගැන හොද අවබෝදයක් එනවා. දැන් ඔයා මෙයාට කිවුවොත් client කෙනෙක් මගේ service එක ගැන අහනවා. එයට යවන්න professional message එකක් එවන්න කියල, ChatGPT එකෙන් ඒක ලස්සනට කරනවා.
ඊළගට ඔයාට පුලුවන් ඔයාට තේරෙන විදිහට message එකක් type කරලා, ඒක AI එකට දීල කියන්න පුළුවන් මේකේ grammar mistake හදල තව ටිකක් professional විදිහට හදල දෙන්න කියල. එතකොට එය ඒ වැඩෙත් ලස්සනට කරනවා.
මිට අමතරව YouTube script හදාගන්න, About US හදාගන්න, social media වලට post දාද්දි ඕන description එක හදාගන්න වගේ හුගක් දේවල් වලට ඔයාට මේ OpenAI ChatBot භාවිතා කරන්න පුළුවන්. ඔයාට ChatGPT 3.5 හා ChatGPT 4 ගැන තවදුරටත් අපේ Seo sinhala Youtube Channel එක හරහා ඉගෙන ගන්න පුළුවන්.
තවත් මේ වගේ වැදගත් post එකකින් ඉක්මනට හමුවෙමු. අපේ SL ChatGPT FaceBook Group එකට Join වෙන්න